උසස්කිරීම් අංශය

අංක 1955/22 හා 2016.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 1941/41 හා 2015.11.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ ඇත්තා වූ ද , 1989/29 හා 2016.01.29 දිනැති, 1990/24 හා 2016.10.27 දිනැති, 1992/7 හා 2016.11.07 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර‍යන්හි පළ කරනු ලැබ ඇත්තා වූ ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල පවරා නොමැති, රාජ්‍ය නිලධාරින් ( අමාත්‍යාංශ ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පළාත් රාජ්‍ය සේවයේ හා අධිකරණ නිලධාරීන් හැර ) සම්බන්ධයෙන් වන පහත කාර්යභාරය යටතේ දක්වා ඇති කර්තව්‍යයන් උසස්කිරීම් අංශය මඟින් ඉටු කරනු ලැබේ.

කාර්යභාරය

  • අනුමත සේවා ව්‍යවස්ථා / බඳවා ගැනිම් පටිපාටි/ උසස්කිරීම් පටිපාටි අනුව උසස්කිරීම ( ශ්‍රේණියෙන් ශ්‍රේණියට / ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත)
  • විධායක නිලධර ගණයට අයත් I ශ්‍රේණියේ හා විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් තනතුරුවලට පත්කිරිම ( ජ්‍යෙෂ්ඨතාවය මත / ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අනුව )
  • ප්‍රාදේශීය ලේකම් තනතුරු වලට පත් කිරීම (ස්ථිරව / වැඩබැලීමේ හෝ රාජකාරි ඉටු කිරීමේ පදනම මත)
  • ඉහත සඳහන් කර්තව්‍යයන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති නියෝග / තීරණවලට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා පිළිබඳව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙහි හා අභියාචනාධිකරණයෙහි ගොනු කරනු ලබන නඩුලට අදාළ ව නිරීක්ෂණ ඇතුළත් වාර්තා සකස් කිරීම/ ලබාදීම සහ සහභාගී වීම
  • ඉහත සඳහන් කර්තව්‍යයන්ට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සඳහා වාර්තා සකස් කිරීම/ ලබාදීම සහ මහජන පෙත්සම්කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම.
    • සෞඛ්‍ය සේවා කමිටුව, අධ්‍යාපන සේවා කමිටුව විසින් ලබා දී ඇති නියෝග/ තීරණවලට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.
    • උසස් කිරීම් වලට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.