මෙහෙයුම් අංශය

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IX වන පරිච්ඡේදය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරි ඇති බලතල හා කාර්යයන් අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය ක්‍රියාත්මක වීමේදී එම කාර්යයන් වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා ඒ ඒ අංශයන් විසින් ඉටු කරන කාර්යයන්හි ප්‍රගතිය අධික්ෂණය කිරිම මෙහෙයුම් අංශය විසින් ඉටු කරනු ලබයි.

  • ලිපි කළමනාකරණ දත්ත පද්ධතිය වෙත ඇතුලත් කරනු ලබන ඒ ඒ අංශයන්ට අදාල ලිපි ලේඛන සම්බන්ධව ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධික්ෂණය.
  • සියළුම අංශයන්හි ප්‍රගතින් අධික්ෂණය.
  • රාජ්‍ය දෙපාර්තමේන්තු/ ආයතන මානව සම්පත් සැලසුම් වෙත යොමු කිරිම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන රාජ්‍ය ආයතන/ දෙපාර්තමේන්තු හි සේවක සංඛ්‍යාව හා ඇබෑර්තු පිළිබඳ දත්ත යාවත්කාලීනව පවත්වා ගැනීම.
  • 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පොදු අධිකාරිය වන අභියාචන සම්බන්ධව කටයුතු කිරිම.
  • ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් අභියාචන විභාග සඳහා ඉල්ලුම් කරනු ලබන තොරතුරු ලබා දිම.

deepikaදීපිකා ජයසේකර මහත්මිය
අතිරේක ලේකම්