නිතර අසන පැණ
1. රාජ්‍ය සේවා කොමිෂන් සභාව යනු කුමක්ද ?
රාජ්‍ය සේවය තුළ මානව සම්පත් කළමනාකරණය කරනු ලබන ආයතනයකි.
[වැඩිදුර තොරතුරු සඳහා]
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙහි බලතල මූලාශ්‍රය කුමක් ද ?
17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 55 සිට 61 දක්වා වන ව්‍යවස්ථාවන් ය.
{slider 3. රාජ්‍ය සේවා කොමිෂන් සභාව කිසියම් අමාත්‍යාංශයක් යටතේ පවතින්නේද ?
නැත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයකි. නමුත්, එහි බලතල සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු සහ උත්තර දිය යුතු ය.
[17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(5) ව්‍යවස්ථාව බලන්න]
4. පළාත් රාජ්‍ය සේවය රාජ්‍ය සේවයෙන් වෙනස් වන්නේ කෙසේ ද ?
පළාත් රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවය වෙනස් බලධාරීන් යටතේ ක්‍රියාත්මක වන එකිනෙකට වෙනස් වූත් අනන්‍ය වූත් සේවාවන් දෙකකි. මෙය පෙන්වා දෙන කරුණු වනුයේ :
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි දැක්වෙන සංවෘත ලැයිස්තුව [“පහත දැක්වෙන විෂයයන් ඇතුළුව I වන ලැයිස්තුවේ හෝ III වන ලැයිස්තුවේ නිශ්චය කොට දක්වා නොමැති සියලු විෂයයන් හා කර්තව්‍යයන්” යන ශීර්ෂය යටතේ (ග) බලන්න.]
- 1987 අංක 42 දරන පළාත් සභා පනතේ දීර්ඝ නාමය
- උක්ත පනතේ 32 (1) සහ 32 (2) යන වගන්ති
- 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 (2) ව්‍යවස්ථාව
5. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදුන් නියෝගයක් / තීරණයක් ගැන මා තෘප්තිමත් නොවන්නේ නම්, මා අභියාචනයක් ඉදිරිපත් කරන්නේ කාටද ?
- එකී තීරණය ඔබ වෙත ලැබී සති 04ක් ඇතුළත ඔබට පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට අභියාචනයක් ඉදිරිපත් කළ හැකියි.
(17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 59(2) ව්‍යවස්ථාව සහ 2002 අංක 4 දරන පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය පනතෙහි 04 වගන්තිය බලන්න.)
නොඑසේ නම්,
- ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකියි.
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 126 ව්‍යවස්ථාව බලන්න.) - 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61(අ) ව්‍යවස්ථාවෙහි පහත පරිදි සඳහන් වේ :
“126 වන ව්‍යවස්ථාවේ (1) වන, (2) වන, (3) වන, (4) වන සහ (5) වන ඡේදයන්හි විධිවිධානවලට යටත්ව කමිටුවක් විසින් හෝ යම් රජයේ නිලධරයකු විසින් මෙම පරිච්ඡේදය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ ඒ කොමිෂන් සභාව වෙත පැවරී ඇති හෝ පැනවී ඇති, නැතහොත් කමිටුව වෙත හෝ රාජ්‍ය නිලධරයා වෙත පවරා දී ඇති යම් බලයක් හෝ කාර්යයක් ප්‍රකාර කරන ලද යම් නියමයක් හෝ තීරණයක් විභාග කිරීමට හෝ තීන්දුවක් දීමට හෝ කවර වූ ආකාරයකින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට කිසිම අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරියකට බලය හෝ අධිකරණ බලය හෝ නොමැත්තේය.”
6. මා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලතල පවරනු ලැබූ නිලධරයකුගේ තීරණයකින් අතෘප්තියට පත් රජයේ නිලධාරියෙක් නම්, එයට එරෙහිව මට ගතහැකි ක්‍රියා මාර්ගය කුමක්ද ?
එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා කිරීමේ අයිතිය 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58(1) ව්‍යවස්ථාව මගින් ඔබට ලබා දී ඇත.
ආයතන සංග්‍රහයේ 1 වන කාණ්ඩයේ XXVIII පරිච්ඡේදයේ 5 හා 6 වගන්ති; II වන කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 12, 26 හා 37 වගන්ති සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතීන්හි XX පරිච්ඡේදය කෙරෙහි අවධානය යොමු කරමින් ඔබගේ අභියාචනය නියමිත කාල සීමාවන් තුළදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන්න.
7. බඳවා ගැනීම් පරිපාටි/ සේවා ව්‍යවස්ථා අනුමත කර ගැනීමේ හා සංශෝධනය කිරීමේ ක්‍රියා පිළිවෙළ කුමක්ද ?
බඳවා ගැනීමේ පරිපාටි / සේවා ව්‍යවස්ථා අනුමත කිරීමේ ක්‍රියා පිළිවෙළ සංක්ෂිප්තව පහත දැක්වේ.
වැඩිදුර තොරතුරු සඳහා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ IV වන පරිච්ඡේදය සහ බඳවා ගැනීමේ පරිපාටි සැකසීම පිළිබඳඋපදෙස් මාලාවෙහි පිටු අංක 02 සිට 14 දක්වා පරිශීලනය කරන්න.
{slider 8. බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත වීමට පෙර අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට හැකියාවක් තිබේද ?
නැත
Refer රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ III පරිච්ඡේදය පරිශීලනය කරන්න.