අභියාචනා අංශය

අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව නියම කල පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්‍ අංක 1733/52 දරණ 2011.11.25 දිනැති රජයේ (අතිවිශේෂ) ගැසට් නිවේදනයේ දක්වා ඇති රජයේ නිලධාරීන්ගේ පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු, ඔවුන් විෂයයෙහි විනය පාලනය කිරීමේ සහ සේවයෙන් පහ කිරීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අභිනියෝජනය කරනු ලැබ ඇත.

ඉහත සඳහන් බලය අභිනියෝජිත බලධාරිකුයගේ නියමයකින් අතෘප්තියට පත් රාජ්‍ය නිලධාරියකුට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ලිඛිත අභියාචනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කිරීමට අයිතියක් ඇති අතර, එසේ ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධව කටයුතු කිරීම අභියාචනා අංශය මගින් සිදු කෙරේ.

මීට අමතරව උක්ත කර්තව්‍යයන්ට අදාලව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයකට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය වෙත කරනු ලබන අභියාචනා සහ උපරිමාධිකරණයන් හි ගොනු කරනු ලබන නඩු අයදුම්පත් සම්බන්ධව කටයුතු කිරීමද මෙම අංශය මගින් සිදු කෙරේ.