ආයතන අංශය

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා විෂය පථයට අයත් බලතල ‍අභිනියෝජනය කිරීමට අදාළ කටයුතු, කාර්ය පටිපාටික රීති සම්පාදනය, සංශෝධනය හා ප්‍රසිද්ධ කිරීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති පදනම් කරගත් මාර්ගෝපදේශ සම්පාදනය සහ ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ නිකුත් කිරීම.
  • රාජ්‍ය සේවයට අදාළ සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පරිපාටි කෙටුම්පත් සහ අනුමත කරන ලද සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පරිපාටි සංශෝධනය සඳහා වන කෙටුම්පත් අධ්‍යයනය කර රාජ්‍ය සේවා කොමිෂන් සභා‍ව වෙත ඉදිරිපත් කිරීම.
  • වාර්ෂික ස්ථාන මාරු පරිපාටි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අදාළ කටයුතු.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති, සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීම් පරිපාටි, චක්‍රලේඛ සහ උපදෙස් වලින් ආවරණය නොවන අවස්ථා සහ ඒවායින් බැහැරවන අවස්ථා පිළිබඳව කටයුතු කිරීම.
  • යථෝක්ත කර්තව්‍යයන්ට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග / තීරණවලට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයට ඉදිරිපත් කරනු ලබන අභියාචනා සහ උපරිමාධිකරණයන්හි ගොනු කරනු ලබන නඩු අයදුම්පත්වලට අදාළ කටයුතු.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට අදාළ දත්ත පද්ධතිය සංවර්ධනය කිරීම, යථාවත් කිරීම, පවත්වා ගෙන යාම සහ තොරතුරු බෙදා හැරීම.