රාජ්‍ය සේවා කොමිෂන් සභාවට

අපි ඔබ සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1946 මැයි මස 15 දිනැති ලංකා (ආණ්ඩුක්‍රම) රාජාඥාව මගින් ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. එමගින්, රාජ්‍ය නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම් පිළිබඳ විධායක බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙන ලදී.

තවදුරටත් කියවන්න

නවතම දැන්වීම්

පුවත්පත් නිවේදන

සාක් සාමාජික රටවල්

afganistan bangaladesh boothanaya 77 234  nepa  pakisthan
ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශය භූතානය ඉන්දියාව මාලදිවයින නේපාලය පාකිස්තානය

Uncategorised

මුල් පිටුව

අංක 1955/22 හා 2016.02.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 1941/41 හා 2015.11.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ ඇත්තා වූ ද , 1989/29 හා 2016.01.29 දිනැති, 1990/24 හා 2016.10.27 දිනැති, 1992/7 හා 2016.11.07 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර‍යන්හි පළ කරනු ලැබ ඇත්තා වූ ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල පවරා නොමැති, රාජ්‍ය නිලධාරින් ( අමාත්‍යාංශ ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පළාත් රාජ්‍ය සේවයේ හා අධිකරණ නිලධාරීන් හැර ) සම්බන්ධයෙන් වන පහත කාර්යභාරය යටතේ දක්වා ඇති කර්තව්‍යයන් උසස්කිරීම් අංශය මඟින් ඉටු කරනු ලැබේ.

කාර්යභාරය

  • අනුමත සේවා ව්‍යවස්ථා / බඳවා ගැනිම් පටිපාටි/ උසස්කිරීම් පටිපාටි අනුව උසස්කිරීම ( ශ්‍රේණියෙන් ශ්‍රේණියට / ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත)
  • විධායක නිලධර ගණයට අයත් I ශ්‍රේණියේ හා විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් තනතුරුවලට පත්කිරිම ( ජ්‍යෙෂ්ඨතාවය මත / ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අනුව )
  • ප්‍රාදේශීය ලේකම් තනතුරු වලට පත් කිරීම (ස්ථිරව / වැඩබැලීමේ හෝ රාජකාරි ඉටු කිරීමේ පදනම මත)
  • ඉහත සඳහන් කර්තව්‍යයන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති නියෝග / තීරණවලට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා පිළිබඳව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙහි හා අභියාචනාධිකරණයෙහි ගොනු කරනු ලබන නඩුලට අදාළ ව නිරීක්ෂණ ඇතුළත් වාර්තා සකස් කිරීම/ ලබාදීම සහ සහභාගී වීම
  • ඉහත සඳහන් කර්තව්‍යයන්ට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සඳහා වාර්තා සකස් කිරීම/ ලබාදීම සහ මහජන පෙත්සම්කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම.
    • සෞඛ්‍ය සේවා කමිටුව, අධ්‍යාපන සේවා කමිටුව විසින් ලබා දී ඇති නියෝග/ තීරණවලට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.
    • උසස් කිරීම් වලට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IX වන පරිච්ඡේදය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරි ඇති බලතල හා කාර්යයන් අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය ක්‍රියාත්මක වීමේදී එම කාර්යයන් වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා ඒ ඒ අංශයන් විසින් ඉටු කරන කාර්යයන්හි ප්‍රගතිය අධික්ෂණය කිරිම මෙහෙයුම් අංශය විසින් ඉටු කරනු ලබයි.

  • ලිපි කළමනාකරණ දත්ත පද්ධතිය වෙත ඇතුලත් කරනු ලබන ඒ ඒ අංශයන්ට අදාල ලිපි ලේඛන සම්බන්ධව ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධික්ෂණය.
  • සියළුම අංශයන්හි ප්‍රගතින් අධික්ෂණය.
  • රාජ්‍ය දෙපාර්තමේන්තු/ ආයතන මානව සම්පත් සැලසුම් වෙත යොමු කිරිම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්වීම් බලධාරියා වන රාජ්‍ය ආයතන/ දෙපාර්තමේන්තු හි සේවක සංඛ්‍යාව හා ඇබෑර්තු පිළිබඳ දත්ත යාවත්කාලීනව පවත්වා ගැනීම.
  • 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පොදු අධිකාරිය වන අභියාචන සම්බන්ධව කටයුතු කිරිම.
  • ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් අභියාචන විභාග සඳහා ඉල්ලුම් කරනු ලබන තොරතුරු ලබා දිම.

deepikaදීපිකා ජයසේකර මහත්මිය
අතිරේක ලේකම්

 

II ශ්‍රේණියේ උසස්වීම් - ශ්‍රී ලංකා වෛද්‍ය සේවය 2018.08.29 - 2018.09.17
II ශ්‍රේණියේ උසස්වීම් - ශ්‍රී ලංකා වෛද්‍ය සේවය 2018.08.10 - 2018.08.28
II ශ්‍රේණියේ උසස්වීම් - ශ්‍රී ලංකා වෛද්‍ය සේවය 2018.07.26 - 2018.08.09
II ශ්‍රේණියේ උසස්වීම් - දේශීය වෛද්‍ය සේවය 2018.08.10 - 2018.09.17
II ශ්‍රේණියේ උසස්වීම් - දේශීය වෛද්‍ය සේවය 2018.07.26 - 2018.08.09
II ශ්‍රේණියේ උසස්වීම් - ජෛව වෛද්‍ය ඉංජිනේරු සේවය - 2018.08.17
II ශ්‍රේණියේ උසස්වීම් - ශ්‍රී ලංකා වෛද්‍ය සේවය - 2018.07.23

Page 3 of 9