අභ්‍යන්තර විගණන අංශය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අභ්‍යන්තර විගණන අංශය මු.රෙ. 133 හා 2018 අංක 19 ජාතික විගණන පනතේ 40 වගන්තිය අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට සෘජුව වගකීමට බැඳීසිටින ගණකාධිකාරීවරයෙකු යටතේ ක්‍රියාත්මක වේ.

එය ශාඛා ප්‍රධානී ඇතුළු කළමනාකරණ සහකාර සේවයට අයත් නිලධාරීන් දෙදෙනෙකු හා කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතවේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයට අයත් සියළුම අංශත් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා කමිටු වලත් අභ්‍යන්තර විගණන කටයුතු පවත්වාගෙන යාම පැවරී ඇත. අවශ්‍යතාවය අනුව විශේෂ විගණන පරීක්ෂණ ද සිදු කරනු ලබයි.

අපගේ කාර්යයන්

  • වංචා හා වැරදි වැලැක්වීම සඳහා ආයතනය තුල ක්‍රියාත්මකවන අභ්‍යන්තර පාලන ක්‍රමයේ ප්‍රමාණාත්මක බව හා සාර්ථකත්වය සොයා බැලීම.
  • ගිණුම් හා වෙනත් වර්තා මඟින් නිවැරදි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම.
  • කාර්ය මණ්ඩලයට පවරා දී ඇති වගකීම් ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයේ ගුණාත්මකභාවය ඇගයීම.
  • ආයතනය සතු දේපල සහ වත්කම් විධිමත්ව, ආරක්ෂාකාරීව අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන්නේදැයි සොයා බැලීම.
  • ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා චක්‍රලේඛ විධිවිධාන පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
  • ජාතික විගණන පනතේ 41 වගන්තිය හා කලමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟපෙන්වීම අනුව සෑම කාර්තුවකටම වරක් ආයතනයේ කලමනාකරණ විගණන රැස්වීම් පැවැත්වීම හා එම රැස්වීම් වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කිරීම.